විදේශිකයන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අමාත්‍යාංශයේ සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් මත ශ්‍රී ලංකා පොලීසිය සහ බුද්ධි අංශ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව පොලිස් මූලස්ථානය පවසනවා.
මැදපෙරදිග මෙන්ම නැගෙනහිර යුරෝපයේ පවතින යුධමය වාතාවරණය ද සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කළේ.
මේ පිළිබඳව සියලුම පොලිස් ස්ථාන වලට විශේෂ උපදෙස් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් නිකුත් කිරීමට නියමිත බවත් එම නිවේදනයේ සඳහන්.
මෙහි මූලික පියවරක් වශයෙන් ඕනෑම සංචාරකයෙකුට ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති වන ගැටලුවක් පිළිබඳව ශ්‍රී ලංකා පොලිසියේ කෙටි දුරකථන අංකය වන 1997 අංකයට දැනුම්දෙන ලෙස පොලිස් මූලස්ථානය දැනුම් දෙනවා.
පොලීසිය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්…

