ඉතාලියේ ප්‍රදේශ කිහිපයකට බලපෑ අයහපත් කාලගුණයෙන් එල්ල වූ ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් තවදුරටත් ජනතාව පීඩාවට පත් වී සිටිනවා.
එමින්ලියා රෝමානා ප්‍රදේශයට නිකුත් කළ රතු අනතුරු ඇඟවීම් නිවේදනය තවදුරටත් බලපැවැත්වෙන බවයි කාලගුණ බලධාරීන් ප්‍රකාශ කළේ.
ෆෙරාරා හි ගං වතුර තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව ඉතාලි කාලගුණ බලධාරීන් ප්‍රකාශ කළා.
මෙසිනා ප්‍රදේශයේ අභන්තර මාර්ගවල සිර වී සිටි පුද්ගලයින් රැසක් බේරාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම තවදුරටත් වැසි අපේක්ෂා කරන බවද ඉතාලි කාලගුණ බලධාරීන් ප්‍රකාශ කළා.
ජල ගැලීම් තත්ත්වය හමුවේ ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කළ පිරිස් වෙත සහන කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මකයි.