Latest News

යුරෝපා පාර්ලිමේන්තුවේදී චීනයට එරෙහිව හදිසි යෝජනාවක් සම්මත කරයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යුරෝපා පාර්ලිමේන්තුවේදී චීනයට එරෙහිව හදිසි යෝජනාවක් සම්මත කර තිබෙනවා.

ඒ උයිගර් සුලුතර ප්‍රජාවට හිංසා කිරීම හා මානව හිමිකම් උල්ලංඝනය කිරීම හෙළා දකිමින්.

වසර 2014දී ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ උයිගර් ජාතික 54 හැවිරිදි ආර්ථික විද්‍යාඥ ඉල්හාම් ටොහ්ටි සහ 2018 වසරේ සිට ත්‍රස්තවාදය ව්‍යාප්ත කිරීමේ චෝදනාවට රඳවාගෙන සිටින 62 හැවිරිදි විශ්‍රාමික වෛද්‍ය ගුල්ෂාන් අබ්බාස් වහාම කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙසත් එම යෝජනාවෙන් ඉල්ලා තිබෙනවා.

එම යෝජනාව සම්මත කරගෙන ඇත්තේ උයිගර් සුලුතර ප්‍රජාව වෙසෙන චීනයේ ෂිංජියැන් ප්‍රාන්තයේ මානව හිමිකම් උල්ලංඝනය වන බවට තොරතුරු වාර්තා වීම සම්බන්ධව යුරෝපා පාර්ලිමේන්තුවේ වැඩි අවධානයක් යොමු වීමෙන් පසුයි.

ඊට පක්ෂව ඡන්ද 540ක් ද, විපක්ෂව ඡන්ද 23ක් ද ලැබුණු බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළා.

පාර්ලිමේන්තු නියෝජිතයන් 47 දෙනකු චීනයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි බව ද වාර්තා වනවා.

World News

Send your contact Details Today