ඉතාලි කැබිනට් මණ්ඩලය විසින් සංක්‍රමණිකයින් පිළිබඳව නීති ආඥාවක් අනුමත කර තිබෙනවා.
එමඟින් අනුමත කර ඇත්තේ අනාරක්ෂිත රටවලින් පැමිණෙන ඇතැම් සංක්‍රමණිකයින් ඇල්බේනියාවේ සංක්‍රමණික මධ්‍යස්ථානයේ රඳවා තබා ගැනීම වලංගු නොකිරීමටයි.
ඔවුන් එම සංක්‍රමණික මධ්‍යස්ථානයේ රඳවා තබා ගැනීමට නම් රෝම අධිකරණයෙන් ආඥාවක් ලැබිය යුතුයි.
ඉතාලියට පැමිණීමේදී ජාත්‍යන්තර මුහුදේදී අත්අඩංගුවට ගන්නා නීති විරෝධී සංක්‍රමණිකයින්, අදාළ නීතිමය කටයුතු අවසන් වන තෙක් රඳවා තබා ගැනීමට ඇල්බේනියාවේ මධස්ථාන 02ක් ඉතාලිය විසින් විවෘත කළා.
ඊට යොමු කරන්නේ වැඩිහිටි පිරිමි සංක්‍රමණිකයින්.
දින 28ක් ඇතුළත ඔවුන්ට ඉතාලියේ නීති කටයුතු සම්පාදනය කරදීමට නියමිතයි.
අදාළ මධ්‍යස්ථාන වෙතට අල්බේනියානු ආරක්ෂක අංශ විසින් ආරක්ෂාව ලබාදෙන අතර ඊට අදාළ භුමියේ ක්‍රියාත්මක වන්නේ ඉතාලි නීතියයි.
සංක්‍රමණික ඉල්ලුම්පත් වලංගු වන නීති විරෝධී සංක්‍රමණිකයින් නැවත ඉතාලියට භාරගන්නා අතර ප්‍රතික්ෂේප වන ඉල්ලුම්පත් හිමි නීති විරෝධී සංක්‍රමණිකයින් ඇල්බේනියාවෙන් පිටුවහල් කරනු ඇති.