Latest News

ඉතාලියේ ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි (VIDEO)

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉතාලියේ ප්‍රදේශ රැසකට බල පා ඇති අයහපත් කාලගුණයත් සමඟ හටගෙන ඇති ජල ගැලීම් තත්ත්වයෙන් ජන ජීවිතයට තවදුරටත් බලපෑම් එල්ල වී තිබෙනවා.

වොලොන්ග්නා සහ වින්ග්ලොනා අතර දුම්රිය ගමනාගමන කටයුතු තවදුරටත් අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ.

එම ප්‍රදේශ අතර බස් සේවා ද ක්‍රියාත්මක නොවන බවට වාර්තා වනවා.

ඒ ජල ගැලීම් හේතුවෙන් බස් රථ ධාවනය කිරීමට නොහැකිවීම හේතුවෙන්.

එමෙන්ම ජල ගැලීම් හේතුවෙන් ඇතැම් මාර්ග කැඩී ගොස් තිබෙනවා.

මේ සමඟ දැඩි රථ වාහන තදබදයක් අදාළ මාර්ග ආශ්‍රිතව හටගෙන තිබෙන බවයි ඉතාලි මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර එමිනියා, රෝමානා ප්‍රදේශවල පුද්ගලයින් 3,000කට ආසන්න පිරිසක් ආරක්‍ෂිත ස්ථාන කරා යොමු කර තිබෙනවා.

වොලොන්ග්නා නගරාධිපතිවරයා ඉල්ලා ඇත්තේ හදිසි තත්ත්වයක් නිවේදනය කරන ලෙසයි.

ජල ගැලීම් හේතුවෙන් දැඩි බලපෑමකට වොලොන්ග්නා නගරය පත්ව තිබෙන බවයි නගරාධිපතිවරයා ප්‍රකාශ කළේ.

ආරක්‍ෂිත ස්ථාන කරා යොමු කළ පුද්ගලයින්ට සහන සේවා ක්‍රියාත්මක අතර ජල ගැලීම් හේතුවෙන් ගොවි බිම් රැසක් ද විනාශ වී ඇති බවයි ඉතාලි මාධ්‍ය ප්‍රකාශ කළේ.

World News

Send your contact Details Today