Latest News

රිය අනතුරක් නිසා ලාංකික තරුණයෙක්, ඉතාලියේදී ජිවිතක්ෂයට

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සිය විවාහ මංගල උත්සවයට මෙරටට පැමිණ නැවත රැකියාව සඳහා ඉතාලියට ගිය තරුණයෙකු ඉතාලියේ දී රිය අනතුරකට ලක්ව ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හලාවත ප්‍රදේශයේ පදිංචි අකිල ප්‍රනාන්දු නමැති තරුණයෙක්.

ඔහු වසර ගණනක සිට ඉතාලියේ සේවය කර ඇති අතර, පසුගියදා පැවති ඔහුගේ විවාහ මංගල්‍ය උත්සවය සඳහා පැමිණ නැවත ඉතාලියට ගිය පසුවයි මෙසේ අවාසනාවන්ත ඉරණමට ගොදුරුව ඇත්තේ.

විදෙස් ජාතිකයෙකු පැදවූ බව කියන මෝටර් රථයක ගැටී බරපතල තුවාල ලබා මෙසේ ඔහු මියගොස් ඇති බවටයි වාර්තා වෙන්නේ.

එසේම සිය බිරිඳගේ උපන්දිනයට ඇය පුදුම කිරීම සඳහා මෙම තරුණයා තෑගි පර්සලයක්ද මෙරටට ඒවා ඇති අතර, 17 වැනිදාට යෙදී තිබුණු උපන්දිනයදා ඇයට මෙම තෑගි පාර්සලය ලැබෙන විටද ඔහු මියගොස් ඇති බවටයි වාර්තා සඳහන් කරන්නේ.

World News

Send your contact Details Today