Latest News

ලංකාවේ භාණ්ඩ වර්ග කිහිපයක වෙළෙඳ භාණ්ඩ බද්ද ගැන අසත්‍ය පුවතක්

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රජය විසින් භාණ්ඩ වර්ග 5ක් සඳහා අළුතින් විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනවා ඇති බවට ප්‍රචාරය වන පුවත් අසත්‍ය බව මුදල්ල ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදනල සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය මේ බව සඳහන් කළා.

ඒ, 2007 අංක 48 දරන විශේෂ වෙළඳ බාණ්ඩ බදු පනත යටතේ 2024 ඔක්තෝබර් මස 14 දිනැති අංක 2406/02 ගැසට් නිවේදනය මගින් භාණ්ඩ වර්ග 05ක් සඳහා බදු පනවා ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කරමින්.

2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්තිය යටතේ පනවනු ලබන බදු පැනවීමේ නියමයන් හි ප්‍රධාන වශයෙන් අදාළ භාණ්ඩ නිශ්චිතව රේගු සංකේතාංක සමග අදාළ බදු අනුපාතයන් සමගින් දැක්වීමත් එම නියමය බලාත්මක වන නිශ්චිත කාල පරාසය, අදාළ නියමයේ සදහන් කිරීමත් ප්‍රධානම නීතමය අවශ්‍යතාවන් 03ක් බව එහි සඳහන් කර තිබෙනවා.

එම නීතිමය අවශ්‍යතාවය පදනම් කරගෙන, ආනයනික භාණ්ඩ 05ක් සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ක්‍රියාත්මක කර තිබු 2353/77 දරන ගැසට් නිවේදනයේ වසරක් වු වලංගු කාලය අවසන් වු බැවින් එය නැවත එලෙසම දීර්ඝ කර ඇති බවයි එමගින් පෙන්වා දී ඇත්තේ.

World News