උතුරු ප්‍රංශයේ Wissant වෙරළට ඔබ්බෙන් සංක්‍රමණිකයන් ප්‍රවාහනය කළ බෝට්ටුවක් ගිලී ගොස් තිබෙනවා.
එහිදී බිළිඳෙකු මියගොස් 65 දෙනෙකු බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත් වූ බවයි ප්‍රංශ බලධාරීන් පවසන්නේ.
ධාරිතාව ඉක්මවා මෙම බෝට්ටුවේ සිටි සංක්‍රමණිකයන් ගමන් ගත් බෝට්ටුව මුහුදී ගිලී යාමට පටන් ගැනීමත් සමග එහි සිටි පිරිස මුහුදට පැන තිබෙනවා.
මුහුදේ ගිලී ඇති තවත් පුද්ගලයින් සොයා ගැනීම සඳහා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්ම බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
සංක්‍රමණික හරස් මාර්ග සඳහා 2024 වසර දැනටමත් මාරාන්තික වසර බවට ගනන් බලා තිබෙනවා.
සැප්තැම්බර් 3 වන දින සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් ප්‍රංශ වෙරළට ඔබ්බෙන් ගිලී යාමෙන් ළමුන් හය දෙනෙකු සහ ගර්භනී කාන්තාවක් ද ඇතුළුව පුද්ගලයින් 12 දෙනෙකු මිය ගියා.
ඉන් මාසයකට පසු, අවුරුදු දෙකක පිරිමි ළමයෙකු ඇතුළු සිව් දෙනෙකු වෙනම බෝට්ටු අනතුරු දෙකකදී මිය ගිය බවයි වාර්තා වූයේ.
නවතම අනතුරත් සමග මේ වසරේ අනතුරු සහගත,මුහුදු ගමන්වලදී මියගිය සංක්‍රමණිකයන්ගේ මුළු මරණ සංඛ්‍යාව අවම වශයෙන් 53 දක්වා ඉහළ යනවා.
ස්වදේශ කටයුතු කාර්යාලයේ සංඛ්‍යාලේඛනවලට අනුව, වසර ආරම්භයේ සිට සංක්‍රමණිකයන් 26,000 කට වැඩි පිරිසක් කුඩා බෝට්ටුවලින් බ්‍රිතාන්‍යයට පැමිණ ඇති බව සඳහන්.
සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය පවසන්නේ, මෙම අනවසර සංක්‍රමණිකයන්ගේ මරණ වැළැක්විය හැකි බවයි.