Latest News

ඔස්ට්‍රේලියාවේ මානුෂීය නවෝත්පාදන වැඩසටහනක තෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ මහිමට (VIDEO)

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය සංවිධාන කළ 2024 Humanitarian Innovation Pitch වැඩසටහනේ තුන්වන ස්ථානය දිනාගැනීමට මහිම හේරත් සමත්වී තිබෙනවා.

ඔහු Griffith විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක් වනවා.

ජෝර්දානයේ Zaatari සරණාගත කඳවුරේ සිටින සිරියානු සරණාගතයින් 7,000කට පමණ ඔවුන්ගේ ජීවිත වැඩිදියුණු කිරීම සඳහා ආදර්ශයක් ඔහු එහිදී ඉදිරිපත් කර තිබුණා.

මෙම වැඩසටහන සඳහා ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල රැසකින් සිසුන් ඉදිරිපත්වී ඇති අතර මෙහි අරමුණ ලොව පුරා සිටින අඩු පහසුකම් සහිත හෝ අවදානමට ලක්වූ ප්‍රජාවන් මුහුණ දෙන ගැටලුවලට විසදුම් සෙවීමයි.

මෙම වැඩසටහනේ පළමු ස්ථානය දිනාගත් ජයග්‍රාහකයා සිඩ්නි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක් වන Emily Nabong වන අතර, දෙවන ස්ථානය Bond විශ්වවිද්‍යාලයේ Phyllis Ngugi හට හිමිව තිබෙනවා.

World News

Send your contact Details Today