ශ්‍රී ලංකාව හා සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර දඹුල්ලේ පැවැත්වුණු අවසන් විස්සයි20 තරගය විශිෂ්ට ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා.
ඒ තරග තුනකින් යුත් මෙම තරගාවලිය 1-2ක් ලෙසයි.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 1ක් දැවී, ඕවර 18යි පන්දු කදී ලකුණු 166ක් ලබා ගැනීමට සමත් වුණා.
එහිදී කුසල් මෙන්ඩිස් සහ කුසල් ජනිත් පෙරේරා අගනා අර්ධ ශතක බැගින් රැස් කිරීමට ද සමත් වීම විශේෂත්වයක්.
කුසල් මෙන්ඩිස් සහ කුසල් ජනිත් පෙරේරා විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් තරගය නව මාවතකට යොමු කිරීමට එහිදී සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 8ක් දැවී ලකුණු 162ක් රැස්කිරීමට සමත් වුණා.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 163ක ඉලක්කයක් හිමිවුණා.
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම තරගයට සාර්ථක ආරම්භයක් ලබාගැනීමට සමත් වුණා.
එහි ප්‍රතිඵලයක් ලෙස කොදෙව් ඉනිමේ කඩුලු 5ක් ලකුණු 62ක් තුළ දවා ගත්තා.
කෙසේ නමුත් 6වැනි කඩුල්ලට එක් වූ නායක රොව්මන් පවෙල් හා ගුඩකේෂ් මොටී ලකුණු 54ක ප්‍රහාරත්මක සබඳතාවක් ගොඩනැගුවා.
ඒ වෙනුවෙන් ඔවුන් දෙදෙනා මුහුණදුන්නේ පන්දු 26කට පමණයි.
මුලු ලකුණු 116දී එම සබඳතාව බිඳ දැමීමට වනිඳු හසරංගට හැකිවුණා.
පන්දු 15කින් ලකුණු 32ක් රැස්කරගෙන සිටි ගුඩකේෂ් මොටී ස්ටම්ප් කිරීමකට හසුකරගත්තා.