2024 වසරේ ඔක්තෝබර් මාසයේ පළමු දින 13 තුළ දී විදෙස් සංචාරකයින් 55,353ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම වාර්තාවක් සඳහන් කරනවා.
ඒ අනුව වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 1,540,161ක් ලෙසයි.
එම වාර්තාවට අනුව 2024 ඔක්තෝබර් මාසයේ පළමු දින 13 තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයින්ගෙන් 29.2%ක් එනම් 16,163ක්ම පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්.
මීට අමතරව චීනයෙන් සංචාරකයින් 3,963ක්, එක්සත් රාජධාන්යෙන් 3,926ක් සහ ජර්මනියෙන් 3,469ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.