Latest News

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම 40%කින් ඉහළට

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2024 මුල් මාස 08 තුළ දී රාජ්‍ය ආදායම 40.5% කින් ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශය පවසනවා.

Pre-Election Budgetary Position Report 2024 ප්‍රකාශයට පත් කරමින් මුදල් අමාත්‍යාංශය සඳහන් කර සිටින්නේ ඒ අනුව 2024 ජනවාරි – අගෝස්තු කාලය තුළ බදු ආදායම් සහ බදු නොවන ආදායම් ද ඇතුළුව රජයේ සමස්ත ආදායම රුපියල් බිලියන 2,557.79 ක් බවයි.

මෙම වකවානුව තුළ සමස්ත බදු ආදායම රුපියල් බිලියන 2,348 ක් ලෙසින් සටහන්ව ඇති අතර එයින් රුපියල් බිලියන 624 ක් ආදායම් බදු ලෙසත්, රුපියල් බිලියන 1,421 ක් භාණ්ඩ හා සේවා මත අය කරනු ලැබූ බදු ලෙසත් දක්වා තිබෙනවා.

මෙහි ඇති විශේෂත්වය නම් භාණ්ඩ හා සේවා මත අයකෙරෙන බදු තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකයක් වූ VAT බදු ආදායම රුපියල් බිලියන 842ක් දක්වා 87.2%කින් වැඩි වී තිබීමයි.

මීට අමතරව සුරාබදු ආදායම මෙම වකවානුව තුළ දී රුපියල් බිලියන 385 ක් දක්වා 42% කින් ද මෙම මාස 08ක කාලපරිච්ඡේදය තුළ දී ඉහළ ගොස් තිබෙනවා.

බදු නොවන ආදායම රුපියල් බිලියන 209 ක් දක්වා 31.7% කින් ඉහළ ගොස් තිබීම ද විශේෂත්වයක් වනවා.

මේ පිළිබඳ සටහනක් පහතින්…

World News