Latest News

වප් පුර පසළොස්වක පොහෝ දිනය අදයි

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වප් පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබෙනවා.

බෞද්ධයන්ට වඩා වැදගත්කමක් ඇති පොහෝ දිනයක් ලෙස වප් පොහොය හැඳින්විය හැකියි.

ශ්‍රී ලංකාවාසීන් උත්සවාකාරයෙන් සමරන පොහොය අතරට වප් පොහොයත් එක් වනවා.

ඒ භික්ෂූන්වහන්සේගේ වස් පවාරණය යෙදී ඇති පොහොය වප් පොහෝ දිනය වීම නිසාවෙන්.

වස් පවාරණය කළ පසු කඨින චීවර පූජාවද සිදුවන්නේ වප් පොහොය දිනයේදීයි.

සත්වන වස් කාලය ගත කිරීමට තව්තිසා දෙව්ලොවට වැඩම කළ අප බුදුරජාණන් වහන්සේ දෙව් ලොවින් නික්ම නැවත දඹදිව සංකස්ස පුරයට වැඩම කර ඇත්තේ වප් පොහොය දිනකයි.

සැරියුත් මහ රහතන් වහන්සේ ප්‍රඥාලාභීන් අතර අගතැන්පත් භික්ෂුව ලෙසින් අභිසෙස් ලබන්නේද අද වැනි දිනකයි.

අනාගතයේ ලොව බුදුවන මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ 500 ක් පියවර සමග පැවදි දිවියට ඇතුළත් වන්නේත් වප් පුන් පොහෝ දිනකයි.

මිහිඳු මහ රහතන්වහන්සේ ලක්දිව වැඩම කර බුද්ධ ශාසනය පිහිටුවීමෙන් අනතුරුව , විනය සංගායනාවක් පවත්වා ඇත්තේද අදවන් දිනකයි.

World News