Latest News

යොහානිට ග්‍රැමී සම්මාන උළෙලට යාමට බලාපොරොත්තුවක්

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලෝකයක අවදානය දිනාගත් ග්‍රැමී සම්මාන උළෙලේදී “හොඳම ගෝලීය සංගීත ඇල්බමය” කාණ්ඩයට සිය ඇල්බමය ඉදිරිපත් කිරීමට ගායන ශිල්පිනී යොහානිට හැකිවී තිබෙනවා.

ගීත 14ක් ඇතුලත් ඇගේ පළමු ගීත ඇල්බමය වන “කෙල්ල” මෙලෙස 67 වන ග්‍රැමී සම්මාන උළෙලට ඉදිරිපත්කර ඇති බව සඳහන්.

ඇය මේ වනවිට කේවල ගීත 22 ක් සහ චිත්‍රපට ගීත 5 ක් ගායනා කර ඇති අතර, ඇගේ සුවිශේෂී මෙම ගීත ඇල්බමය නිකුත් වන්නේද, “KELLA is from Sri Lanka to the World” යන පාඨයත් සමඟයි.

පසුගිය කාලයේදී බොලිවුඩයේ පවා උන්මාදයක් වුණ යොහානි T-Series සමඟ බොලිවුඩ් ගීතයක සිංහල කොටසක් ගායනට අවස්ථාව සේම, රෙඩ්බුල් රෙකෝඩ්ස් සමඟ “Moving On” ගීතයේ ඇය සිංහල රැප් කොටස ගායනා කරන්නත් අවස්ථාව ලබාගත් ශිල්පිනියක් වෙනවා.

KELLA සංගීත ඇල්බමය තුළ ඇතුළත් ගීත 14ම නිර්මාණය වී ඇත්තේ සත්‍ය කතා පදනම් කරගෙන වන අතර, මෙම ගීත සියල්ලේම තනු යොහානි විසින්ම රචනා කිරීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය රැකගෙන ඉදිරිපත් කළ KELLA යනු සියලුම තරුණ ගැහැණු ළමයින් සහ ඔවුන්ගේ අත්දැකීම් ගැන ඉදිරිපත් කළ නිර්මාණයක් වන අතර එම ඇල්බමය Pop, Hip Hop, Rock, Folk සහ Country සංගීත ⁣ශෛලීන් ඇතුළත් වෙනවා.

World News