Latest News

ලෝකයේ අවන්හල් මිලියන 8ක් අතරින් “Casual Dining” කාණ්ඩයේ ලොව 2වැනි හොඳම අවන්හල ශ්‍රී ලංකාවේ

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලෝකයේ අවන්හල් මිලියන 8ක් අතරින් “Casual Dining” කාණ්ඩයේ හොඳම අවන්හල් අතරින් ලොව 2 වැනි හොඳම අවන්හල බවට පත්වීමට ශ්‍රී ලංකාවේ Cafe Chill සමත් වී තිබෙනවා.

ඒ Tripadvisor හරහා ලොව පුරා සංචාරක පාරිභෝගික Reviews යටතේයි.

මේ විදිහට ඔවුන් විශාල ජයග්‍රහණයක් ලබාගෙන තිබෙන්නේ, පාරිභෝගිකයන්ව හිතාගන්න බැරි තරම් හොඳට සතුටට පත් කරලා.

ඔවුන්ගේ අති විශිෂ්ට සේවාව අගය කරමින්, Trip Advisor හි පාරිභෝගිකයන් කරපු සටහන්, අගයකිරීම් තමයි මේ විදිහට ලෝකයේ තිබෙන ආපනශාලා සියල්ල අභිබවමින් දෙවෙනි ස්ථානයට පත් වෙන්න පුළුවන්කම ලබා දීලා තියෙන්නේ.

මේ විදිහට කැෆේ චිල් ඉහළට ඔසවා තබන්න මූලිකවම දායක වෙලා තියෙන්නේ එහි රසය සුවය වින්ද විදේශිකයෝ.

කැෆේ චිල්හි නිර්මාතෲ දර්ශන තරංග මහතාගෙන් Radio WESL කළ විමසීමකදී ඔහු තමන්ගේ ආපනශාලව ලද ජයග්‍රහණය පිළිබඳ සතුට පළ කරමින් සඳහන් කළේ, ඇල්ල ප්‍රදේශයේ කැෆේ චිල් ආපනශාලාව ආරම්භ කළේ මීට වසර 16 කට පෙර බවයි.

World News