නුවරඑළිය, නානුඔය – බ්ලැක්ෆුල් ප්රදේශයෙන් එකවරම පෙන මතුවීමට පටන්ගෙන ඇති බව ප්රදේශවාසින් පවසනවා.
ප්රදේශයේ පවතින අයහපත් කාලගුණයත් සමඟ අද (11) පස්වරු 1.00ට පමණ නානුඔය හරහා ගලා බසින ඇළ මාර්ගවල, එලවළු වගා භුමියන්වල, තේ වතුවල එකවරම පෙන මතු විමට පටන්ගෙන ඇති බවයි ප්රදේශවාසින් සඳහන් කරන්නේ.
මේ අතර ශ්රී ලංකාවේ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ප්රදේශ රැසකට මේ වන විට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.