Latest News

ශ්‍රී ලංකාවේ මාසයක් ජීවත් වෙන්න අවශ්‍ය අවම මුදල රුපියල් 221කින් පහළට

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2024 අගෝස්තු මාසය සඳහා අදාළ වන නිල දරිද්‍රතා රේඛා සටහන ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඊට අනුව 2024 අගෝස්තු මාසයේ නිල දරිද්‍රතා රේඛාව රුපියල් 16,152 ක් ලෙසින් දක්වා ඇති අතර පසුගිය මාස 12 ක කාලපරිච්ඡේදය තුළ වාර්තා වී ඇති අවම අගය මෙය වනු ඇති.

2024 ජූලි මාසයේ දී මෙම අගය රුපියල් 16,373ක් ලෙසින් සටහන්ව තිබුණා.

ඒ අනුව රුපියල් 221 කින් නිල දරිද්‍රතා රේඛා අගය පසුගිය අගෝස්තු මාසයේ දී පහළ ගොස් ඇති බව නිරීක්ෂණය කළ හැකියි.

මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා එක් පුද්ගලයෙකුට මසකට අවශ්‍ය අවම වියදම මෙම නිල දරිද්‍රතා රේඛාව හරහා ඇස්තමේන්තු කර තිබෙනවා.

මෙම අගය අනුව 4 දෙනෙකුගෙන් යුත් පවුලකට මාසයක් සඳහා සිය අවම මූලික අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍ය කෙරෙන මුදල රුපියල් 65,492 ක් වනවා.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන පරිදි 2024 අගෝස්තු මාසයේ දී ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මෙරට උද්ධමනය ඊට පෙර මාසයට සාපේක්ෂව පහළ ගොස් තිබීම මෙලෙස දරිද්‍රතා රේඛාව පහළ යාමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙනවා.

දරිද්‍රතා රේඛා සටහන දිස්ත්‍රික්ක මට්ටමින් ප්‍රකාශයට පත්කෙරෙන අතර එහිදී ඉහළම අගය කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වනවා.

ඊට අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ වෙසෙන පුද්ගලයෙකුට 2024 අගෝස්තු මාසයේ දී රුපියල් 17,420 ක් සිය අවම මූලික අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍ය වනු ඇති.

අවම අගය මොනරාගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එය රුපියල් 15,444 ක්.

2024 අගෝස්තු මාසයට අදාළව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම දරිද්‍රතා රේඛා සටහන පහතින්…

World News