Latest News

හයිටියේ සන්නද්ධ කල්ලියක් එල්ල කළ ප්‍රහාරයකින් ළමුන් ඇතුළු 20 දෙනකු ජිවිතක්ෂයට

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

හයිටි රාජ්‍යයේ කුඩා නගරයකට සන්නද්ධ කල්ලියක් එල්ල කළ ප්‍රහාරයකින් ළමුන් ඇතුළු 20 දෙනකු පමණ මියගොස් තිබෙනවා.

Port-au-Prince අගනුවරට වයඹ දෙසින් 71km (සැතපුම් 44) පමණ දුරින් මධ්‍යම Artibonite කලාපයේ මෙම Pont-Sondé නගරය පිහිටා ඇති අතර, Gran Grif නම් කල්ලි සාමාජිකයින් කඩා වැදීම නිසා තවත් 50 දෙනෙකු පමණ තුවාල ලැබූ බව සඳහන්.

ප්‍රචණ්ඩ කණ්ඩායම් යතුරුපැදිවලින් සහ පා ගමනින් පැමිණ මෙම ප්‍රහාර එල්ල කර ඇති අතර මෙම ප්‍රහාරය “සමූල ඝාතනයක්” ලෙසයි රජයේ අභිචෝදකයෙකු පවසා ඇත්තේ.

මේ වනවිට සන්නද්ධ කල්ලි හයිටියේ විශාල ප්‍රදේශයක් පාලනය කරන අතර, මෙම කල්ලි පාලනය අඩපණ කිරීමේ උත්සාහයක් ලෙස කෙන්යාවේ නිලධාරීන්ගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතීන්ගේ අනුග්‍රහය සහිත පොලිස් මෙහෙයුමක් ජුනි මාසයේදී ආරම්භ වූවා.

නමුත් තවදුරටත් විශාල බලපෑමක් කරමින් හයිටිය පුරා කල්ලි ප්‍රචණ්ඩත්වය පැතිර යනවා.

World News

Send your contact Details Today