Latest News

ප්‍රබල සූර්ය ගිනිදැල්ලක් හේතුවෙන් අප්‍රිකාවේ සහ යුරෝපයේ සන්නිවේදන කටයුතුවලට බාධා

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ප්‍රබල සූර්ය ගිනිදැල්ලක් හේතුවෙන් අප්‍රිකාවේත් යුරෝපයේත් සන්නිවේදන කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.

‘X 9.05’ යනුවෙන් නම් කෙරුණු මෙම සූර්ය ගිනිදැල්ල ඉතා ප්‍රබල එකක් බවත්, මෙවැනි ප්‍රබල සූර්ය ගිනිදැල්ලක් මීට පෙර නිකුත් වූයේ 2017 දී බවයි විද්‍යාඥයන් පැහැදිලි කර ඇත්තේ.

සූර්යයා හයිඩ්‍රජන් සහ හීලියම්වලින් නිර්මාණය වුණු ගිනි බෝලයක් වන අතර කාලයෙන් කාලයට සූර්යයාගේ වෙනස් වීම් ඇති වීමෙන් පිපිරීම් හටග ගන්නවා.

විටෙක එය සන්සුන් ස්වරූපයක් ගන්නා අතර, විටෙක ප්‍රචණ්ඩ වනවා.

මෙම වෙනස් වීම් හැඳින්වෙන්නේ ‘සූර්ය චක්‍ර’ ලෙසයි.

පිපිරීම් සිදුවෙද්දී සූර්යයාගෙන් ගිනිදැල් සූර්ය ගිනිදැල් ලෙස හැඳින්වෙනවා.

ගිනිදැල් සමඟ නිකුත් වන අහිතකර කිරණ සෞරග්‍රහ මණ්ඩලය පුරා විසිරී යනවා.

දුර්වල සූර්ය ගිනිදැල් ‘A’ කාණ්ඩයට අයත් වන අතර, ‘X’ යනුවෙන් හැඳින්වෙන්නේ ප්‍රබලත්වයෙන් වැඩි ඒවායි.

නිකුත් වූ ගිනිදැල්ල ‘X 9.05’ ප්‍රබලත්වයෙන් වැඩි ගිනිදැල්ලක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

World News

Send your contact Details Today