වතිකානු බැංකුවේ සේවක සේවිකාවන් අතර විවාහ තහනම කඩ කිරීම නිසා පිරිමියෙකු සහ කාන්තාවක් ඔවුන්ගේ රැකියාවෙන් ඉවත් කර තිබෙනවා.
ඉතාලි මාධ්‍ය විසින් “රෝමියෝ සහ ජුලියට්” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ලද තරුණ යුවළ අගෝස්තු මාසයේදී විවාහ වූයේ, ඥාති සංග්‍රහය වැළැක්වීමේ අරමුණින් සේවකයින් අතර විවාහ තහනම් කිරීමේ නීතියක් බැංකුව විසින් පැනවීමෙන් පසුවයි.
අලුත විවාහ වූ යුවළට එක් අයෙකුට ඉල්ලා අස්වීමට දින 30 ක් ලබා දී තිබූ අතර අනෙකාට රැකියාව දිගටම කරගෙන යාමට හැකි බව අදාළ බැංකුව විසින් දන්වා තිබුණා.
කෙසේ වෙතත් දෙදෙනාම මෙය කිරීමට කැමැත්තක් නොදැක්වූ අතර, එම කාලසීමාව අඟහරුවාදා අවසන් වීමෙන් පසුව ඔවුන් දෙදෙනාම නෙරපා හැර තිබෙනවා.
වතිකානු බැංකුව බදාදා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ අදාළ සේවකයන් දෙදෙනාගේ රැකියා කොන්ත්‍රාත්තු අවසන් කිරීමට “දුෂ්කර තීරණයකට” එළඹී ඇත්තේ “සේවකයින් අතර විවාහක යුවළක් ගොඩනැගීම ඇත්ත වශයෙන්ම ආයතනය තුළ පවතින රෙගුලාසිවලට පටහැනි” බැවින් බවයි.