Latest News

ඉතාලියේ සූකර උණ හේතුවෙන් ඌරු මස් නිෂ්පාදන ජීවනෝපායන් තර්ජනයට

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2022 ජනවාරි මාසයේදී සූකර උණ රට තුළ ඇති වූ බැවින් ඉතාලි බලධාරීන් විසින් ඌරන් 120,000කට ආසන්න ප්‍රමාණයක් මරා දැමීමට නියෝග කළා.

ඒ අනුව ඔවුන් පසුගිය මාස දෙක තුළ ඔවුන්ගෙන් හතරෙන් තුනක් මරා දමා තිබෙන බවයි වාර්තා වන්නේ.

සූකර උණ උතුරු ඉතාලියේ ආහාර නිපදවන ප්‍රදේශවලට බලපා තිබෙනවා.

මේ හේතුවෙන් ඉතාලියේ ඌරු මස් නිෂ්පාදනය කරන ජීවනෝපායන් තර්ජනයට ලක්ව තිබෙනවා.

මේ අතර මිලාන් නගරයට දකුණින් පිහිටි ජියෝවානි අයිරෝලිගේ ගොවිපළේ, ඌරන් 6,200ම දැඩි ප්‍රොටෝකෝලයක් යටතේ ඝාතනය කළා.

ගෘහස්ථ ඌරන් අතර ඉක්මනින් පැතිර යන ශ්වසන රෝග තවදුරටත් වර්ධනය නොවන බව සහතික කිරීම සඳහා දැඩි සනීපාරක්ෂක ප්‍රොටෝකෝලයන් යටතේ සිටින සේවකයින් හැර කිසිවෙකුට දැනට ගොවිපල තුළට පිවිසීමට අවසර ලබා දී නැහැ.

World News

Send your contact Details Today