Latest News

ඉතාලිය සහ ස්විට්සර්ලන්ත දේශසීමා යළි අඳියි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉතාලියේ ඇල්ප්ස් කඳුකරයේ සහ ස්විට්සර්ලන්තය ඔවුන්ගේ දේශසීමාවේ කොටසක් නැවත සකස් කර තිබෙනවා.

ඒ දේශගුණික විපර්යාස හේතුවෙන් ග්ලැසියර දියවීම නිසයි.

බලපෑමට ලක් වූ ප්‍රදේශයෙන් කොටසක් යුරෝපයේ උසම කඳු වලින් එකක්වන මැටර්හෝර්න් ආසන්නයේ පිහිටා තිබෙනවා.

ස්විට්සර්ලන්ත-ඉතාලි දේශසීමාවේ විශාල කොටස් ග්ලැසියර කඳු වැටි හෝ හිම සහිත ප්‍රදේශ මගින් තීරණයවන නමුත් ග්ලැසියර දියවීම මෙම ස්වාභාවික මායිම් මාරු වීමට හේතු වී ඇති බව සඳහන්.

මේ නිසා දේශසීමා නිවැරදි කිරීමට රටවල් දෙකටම හේතු වී තිබෙනවා.

මෙම වෙනස් කිරීම පිළිබඳ ගිවිසුම ස්විට්සර්ලන්තය නිල වශයෙන් අනුමත කළ නමුත් ඉතාලිය තවමත් එය සිදු කර නැහැ.

මෙය 2023 මැයි මාසයේදී ස්විට්සර්ලන්ත-ඉතාලි ඒකාබද්ධ කොමිසමක් විසින් කෙටුම්පත් කරන ලද ගිවිසුමක් මත ක්‍රියාත්මක වනවා.

World News

Send your contact Details Today