Latest News

අද ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 4 ඉක්මවයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මෙම සතියේ අඛණ්ඩව සිව්වන දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල ඉහළ යාමක් අද (26) දින වාර්තා වුණා.

එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 12.16කින් ඉහළ ගොස් ඒකක 11,671.87ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 මිල දර්ශකය ඒකක 16.84කින් ඉහළ ගොස් ඒකක 3,384.29ක් ලෙසින් සටහන්ව තිබෙනවා.

එමෙන්ම අද දින රුපියල් බිලියන 4.3 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වීම විශේෂත්වයක්.

එහිදී හැටන් නැෂනල් බැංකුව, සම්පත් බැංකුව, NDB, Teejay Lanka සහ DFCC බැංකුව යන සමාගම් දෛනික පිරිවැටුමට ඉහළ දායකත්වයක් ලබා දී තිබුණා.

මේ අතර අද දින විදේශීය මිල දී ගැනීම් රුපියල් මිලියන 60 ක් තරම් ඉතා අවම මට්ටමක පැවති අතර විදේශීය විකිණුම් රුපියල් මිලියන 694 ක් ලෙසින් වාර්තා වී තිබුණා.

World News

Send your contact Details Today