Latest News

ICC Women’s T20 World Cup UAE: ශ්‍රී ලංකාවෙන් තරග තීරකවරියක් සහ විනිසුරුවරියක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඔක්තෝබර් 3 වැනිදා ආරම්භ වීමට නියමිත පන්දුවාර 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නම්කළ නිලධාරීන් අතරට ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් ඇතුළත්ව සිටිනවා.

ඒ තරග තීරකවරියක් සහ විනිසුරුවරියක් ලෙසයි.

තරග තීරකවරියක් ලෙස මි‍ෂෙල් පෙරේරා කටයුතු කරන අතර විනිසුරුවරියක් ලෙස නිමාලි පෙරේරා නම්කර තිබෙනවා.

9 වැනි වතාවටත් ක්‍රියාත්මක ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන රටවලින් තෝරා ගන්නා ලද නිලධාරීවරියන් 10 දෙනෙකුට මේ සඳහා අවස්ථාව ලැබෙනවා.

කාන්තා 20යි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 3 වැනිදා සිට ඔක්තෝබර් 20 වැනිදා දක්වා පැවැත්වෙනවා.

World News

Send your contact Details Today