Latest News

ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරයෙන් ලෙබනනයේ මිය ගිය ගණන තවත් ඉහළට

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලෙබනනයේ හෙස්බුල්ලා සංවිධානය ඉලක්ක කරමින් ඊශ්‍රායල හමුදාව විසින් පෙරේදා පස්වරුවේ සිට ගුවන් මගින් හෙලනු ලැබූ අධිබරැති බෝම්බවලින් දකුණු ලෙබනනයේ දරුණු විනාශයක් සිදුවී ඇතැයි ද, පුද්ගලයන් 558 දෙනකු ජීවිතක්ෂයට පත්වී තිබෙන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වසර 1990දී ලෙබනනයේ සිවිල් යුද්ධය නිමාවීමෙන් පසු එරට සිදුවූ දරුණුතම ප්‍රහාරය මෙය බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

එම ප්‍රහාරවලින් දරුවන් 35 දෙනකුත්, කාන්තාවන් 58 දෙනකුත් බෝම්බ ප්‍රහාරයට ගොදුරු වී ඇති අතර, තවත් 1,800කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

පෙරේදා පස්වරුවේ සිට අඛණ්ඩව ඊයේ දහවල් වනතුරු ඊශ්‍රායල හමුදා ගුවන් යානා මගින් දකුණු ලෙබනනයට බෝම්බ හෙළූ බවත්, ජීවිත බේරා ගැනීමට එම පළාතේ ජනතාව බීරුට් අගනුවර කරා පලා යමින් සිටින බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

මේ අතර බීරුට් අගනුවර සිටින විදේශිකයන් ඇතුළු විශාල පිරිසක් රටින් පිටවෙමින් සිටින බව ද වාර්තා වනවා.

ඊශ්‍රායල ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඊයේ උදෑසන හෙස්බුල්ලා සංවිධානයෙන් උතුරු ඊශ්‍රායලයට රොකට් ප්‍රහාරයක් එල්ල වුවද, ඉන් වැඩි ප්‍රමාණයක් අයන් ඩෝම් මිසයිල නාශක පද්ධතියෙන් ගුවනේදීම විනාශ කළ බව ඊශ්‍රායල රජය ප්‍රකාශ කර තිබෙනවා.

දකුණු ලෙබනනයේ හෙස්බුල්ලා සංවිධානයට අයත් බවට හඳුනාගත් ඉලක්ක 1,300කට පමණ බෝම්බ හෙළූ බවත්, ඉන් එම සංවිධානයේ විශාල පිරිසක් මිය යන්නට ඇති බවත් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රකාශ කර තිබෙනවා.

මිය ගිය ගණන තවත් ඉහළ යනු ඇති බවත්, ප්‍රහාරවලින් තුවාල ලැබූ පිරිස අටසියයකට ආසන්න බවත් වාර්තා වනවා.

ඊශ්‍රායල හමුදාව මේ දරුණු ප්‍රහාරය ආරම්භ කර ඇත්තේ පසුගියදා හෙස්බුල්ලා සංවිධානය උතුරු ඊශ්‍රායලයට එල්ල කළ රොකට් ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වමින් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

ඊශ්‍රායල හමුදාවේ මිසයිල ප්‍රහාරය එල්ල වූයේ හෙස්බුල්ලා සාමාජිකයන් ගැවසෙන ප්‍රදේශවලින් ඉවත් වන ලෙස ප්‍රහාරයට පෙර ලෙබනනයේ ලක්ෂයකට ආසන්න ජනතාවගේ දුරකතනවලට කෙටි පණිවිඩ යැවීමෙන් පැය කිහිපයකට පසුවයි.

World News

Send your contact Details Today