ශ්‍රී ලංකාවේ ලක්ෂ්යමය මතුපිට උද්ධමනය 2024 ජූලි මාසයේ දී වාර්තා වූ 2.5% සිට 2024 අගෝස්තු මාසයේ දී 1.1% ක් දක්වා කැපීපෙනෙන ලෙස පහළ ගොස් තිබෙනවා.
ඒ ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුවයි.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන් අතර තිබෙනවා.
එහිදී 2024 ජූලි මාසයේ දී 2.9% ක් ලෙසින් සටහන්ව තිබූ ආහාර උද්ධමනය 2024 අගෝස්තු මාසයේ දී 2.3% ක් දක්වා ත්, ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 2.2% සිට 0.2% ක් දක්වාත් පහළ ගොස් තිබෙනවා.