Latest News

ජපානයේ ඉසූ දූපත් ආශ්‍රිතව ප්‍රබල භූකම්පනයක් – සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කරයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජපානයේ ඉසූ දූපත් ආශ්‍රිත ප්‍රදේශයේ ප්‍රබල භූකම්පනයක් සිදුව තිබෙනවා.

ඒ අනුව රික්ටර් මාපකයේ ඒකක 5.6ක ප්‍රභලත්වයකින් එම භූකම්පනය හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

මේ හේතුවෙන් එරට කාලගුණ අංශ සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඉසූ දුපත්වලට සහ ඔගවසර දූපත්වලට එම සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය පැවසුවා.

එම දූපත්වලට මීටරයක පමණ උසට මුහුදු රළ ගොඩබිමට එනු ඇති බවට අපේක්ෂා කළ හැකි බව ජපාන කාලගුණ අංශ වැඩිදුරටත් පවසනවා.

World News

Send your contact Details Today