Latest News

SL Presidential Election 2024: දෙවන මනාපය ගණනය කිරීමට සූදානමක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජනාධිපතිවරණ නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමේ කිසිදු අපේක්ෂකයෙකු 50% ක් ලබා ගැනීමට නොහැකි වනු ඇති බව වාර්තා වනවා.

මේ අනුව මේ වන විට මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකාවල දෙවන මනාපය ගණනය කිරීමට මේ වන විට සුදානමක් ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඒ අනුව ඇතැම් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල දෙවන මනාපය ගණන් කිරීම දැනට ආරම්භ කර ඇති අතර තවත් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන රැසක දෙවන මනාපය ගණන් කිරීමේ කටයුතු ආරම්භ කිරීමට සූදානම් වන ලෙස ගණන් කිරීමේ නිලධාරීන් වෙත දැනුම්දී තිබෙන බවයි Radio WESL වාර්තාකරුවන් පැවසුවේ.

ඒ අනුව 2024 ජනාධිපතිවරණයේ දෙවෙනි මනාපය ගණන් කිරීම ඇරඹු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ්. එල් රත්නායක මහතා අද (22) කැඳවූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් නිවේදනය කළා.

World News

Send your contact Details Today