Latest News

ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපොළ අවට දැඩි ආරක්ෂාවක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අවට ප්‍රදේශය තුළ ඊයේ (09/21) රාත්‍රී සිට දැඩි ආරක්ෂාවක් සපයා තිබෙනවා.

මේ වනවිට දේශපාලන ප්‍රභූවරුන් රාශියක් විදෙස් රටවල් බලා පිටත්ව ගොස් තිබෙන බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව ඊයේ (09/21) සවස හිටපු අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ මහතා ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව ගොස් තිබෙනවා.

හිටපු එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව ගොස් තිබෙන අතර ඉත්තෑ කන්දේ සද්ධාතිස්ස හිමියන් හොංකොං බලා පිටත්ව ගොස් ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

එමෙන්ම ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ බිරිඳ ලිමිණි විනෝජා වීරසිංහ මහත්මිය සහ ඇයගේ පියා තිලකසිරි වීරසිංහ මහතාද අද (09/22) අලුයම 03.30 ට ඩුබායි බලා ගොස් තිබෙනවා.

World News

Send your contact Details Today