Latest News

ශ්‍රී ලංකාවට ඇඳිරි නීතිය පනවයි

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවට ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

ඒ අනුව අද (21) රාත්‍රි 10.00ට හෙට උදෑසන 6.00 දක්වා එය බලාත්මක වනු ඇති.

මෙම කාලසීමාව තුළ ඡන්ද කටයුතු රාජකාරී යෙදී සිටින නිලධාරීන්ට අදාළව බලයලත් නිලධාරීන් විසින් නිකුත් කර තිබෙන හැඳුනුම්පත්, බලයලත් ලේඛන ඇඳිරිනීති බලපත්‍ර ලෙස භාවිත කළ හැකියි.

විදේශගත වීමේ අපේක්ෂාවෙන් ගුවන්තොටුපොළ වෙත ගමන් කරන සහ විදේශවල සිට පැමිණ ගුවන්තොටුපොලෙන් පිටවන සියලු දෙනාට ඔවුන්ගේ ගුවන් ටිකට් පත්‍රය හෝ ඒ බව තහවුරු කිරීම සඳහා තිබෙන ලේඛන ඇඳිරිනීති බලපත්‍රයක් ලෙස භාවිත කළ හැකියි.

මීට අමතරව අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන ආයතනවල අදාළ සේවකයන් සඳහා ඔවුන්ගේ රාජකාරී හැඳුනුම්පත හෝ සුදුසු ලේඛනයක් භාවිත කළ හැකි අතර, එම ලේඛනය සහ අදාළ පුද්ගලයාගේ අන්‍යතාවය තහවුරු කිරීමට අවශ්‍ය ලේඛන පොලීසිය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතුයි.

මෙම කාලසීමාව තුළ ඇඳිරිනීතිය ඉතා තදින් ක්‍රියාත්මක කිරීමට සියලුම පොලිස් නිලධාරීන් වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

එය උල්ලංගණය වන ආකාරයේ කිසිදු ක්‍රියාවක් සිදු නොකරන ලෙස සියලුම මහජනතාව වෙත ශ්‍රී ලංකා පොලීසිය අවධාරණය කර සිටිනවා.

World News