මේ වන විට ඉතාලියේ උතුරු ප්‍රදේශවලට අධික වර්ෂාපතනයත් සමඟ ගංවතුර ඇතිවීමේ අවධානමක් තිබෙනවා.
එමෙන්ම නැගෙනහිර එමිලියා-රොමැග්නා සඳහා ගංවතුර සහ නායයෑම් පිළිබඳ රතු අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබෙන අතර සති අන්තය දක්වා තද වැසි පවතිනු ඇති බවට අපේක්ෂා කෙරෙනවා.
මධ්‍යම නගරය වන පෙස්කාරාහි ගංවතුර දැනටමත් වාර්තා වී තිබෙන අතර ඇඩ්‍රියාටික් වෙරළ තීරයේ, ෆැල්කොනාරාහි බදාදා සිට මිලිමීටර් 204 (අඟල් 8) වර්ෂාපතනයක් ලැබී තිබෙන බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් එය සැප්තැම්බර් මාසයේදී සාමාන්‍ය මිලිමීටර් 67ක් ලෙසයි වාර්තා වී ඇත්තේ.
ඇපෙනයින් කඳුකර ප්‍රදේශයට මිලිමීටර් 300 ඉක්මවූ වර්ෂාපතනයක් වාර්තා වුණා.
එමෙන්ම අද දින වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කෙරෙන අතර එමිලියා-රොමැග්නා ප්‍රදේශයට මිලිමීටර් 50 ත් 100 ත් අතර වර්ෂාපතනයක් බලාපොරොත්තු විය හැකි බවයි කාලගුණ අංශ පවසන්නේ.
පවතින හදිසි තත්ත්වය සම්බන්ධයෙන් බලධාරීන් කටයුතු කරන බැවින් ගංවතුර සහ නායයෑම් පිළිබඳ රතු අනතුරු ඇඟවීම් තවදුරටත් නැවත දැනුම්දෙනතුරු බලාත්මකව පවතිනු ඇති.