මධ්‍යම යුරෝපයේ ගංවතුරෙන් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 21 දක්වා ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.
පසුගිය සතියේ සිට ඕස්ට්‍රේලියාව, චෙක් ජනරජය, හංගේරියාව, පෝලන්තය, රුමේනියාව හා ස්ලෝවැකියාව යන රටවලට අධික වර්ෂාපතනයක් හට ගෙන තිබෙන බවයිඑම මාධ්‍ය වාර්තා පැවසුවේ.
බොරිස් කුණාටුව හේතුවෙන් මෙලෙස අධික වර්ෂාවක් හට ගත්තා.
ඓතිහාසික පෝලන්ත නගරයක් වන ව්රෝවක්ලැව් හි ගං ඉවුරු ආරක්ෂා කිරීමට ස්වේච්ඡා සේවකයන් හා හදිසි සේවකයින් යොදවා තිබුණා.
රුමේනියාවේ සිට පෝලන්තය දක්වා අධික ගංවතුරක් පැවති අතර බොහෝ ප්‍රදේශවල ජලය බැස යද්දී, ගංගා ඉවුරු කඩා වැටෙන ආකාරය දැකගත හැකි වු බවයි එරට මාධ්‍ය නිවේදනය කළේ.
රුමේනියාවේ ගංවතුරෙන් පුද්ගලයින් හත් දෙනෙකු මේ වනවිට මිය ගොස් ඇති බව සඳහන්.
පෝලන්තයේ හය දෙනෙක්, ඕස්ට්‍රේලියාවේ පස් දෙනෙක් හා චෙක් ජනරජයේ තුන් දෙනෙක් මිය ගොස් ඇති අතර චෙක් ජනරජයේ හා පෝලන්තයේ පවුල් දහස් ගණනකට තවමත් විදුලිය ඇනහිට ඇති බවයි වාර්තා වන්නේ.