2025 අයවැය සම්බන්ධයෙන් ඇති විය හැකි සටනකට පෙර නව රජය නම් කරන බව ප්‍රංශ අගමැති මිචෙල් බාර්නියර් පවසනවා.
නමුත් මේ වනවිට ප්‍රංශයේ දේශපාලන අවිනිශ්චිතතාවය තවදුරටත් පවතින බව සඳහන්.
එක් කාල පරිච්ඡේදයක් සීමා කළ හැකි පරිදි ඔහු ලබන සතියේ තම නව රජය පිහිටුවන බවයි.
ප්‍රංශ ජනපති මැක්‍රොන් විසින් කැඳවන ලද හදිසි ව්‍යවස්ථාදායක මැතිවරණයකින් මාස දෙකකට පසුවත් ප්‍රංශය තුළ දේශපාලන අස්ථාවරත්වය පැවතීම අවධානය යොමු කල යුත්තක් බවයි විචාරකයන් පවසන්නේ.
කෙසේ වෙතත් ප්‍රංශ ආණ්ඩුව මෙහෙයවීම සඳහා ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් 73 හැවිරිදි කොන්සර්වේටිව් සහ හිටපු බ්‍රෙක්සිට් සාකච්ඡාකරුවෙකු වන මිචෙල් බාර්නියර්ව තෝරා ගත්තා.