ඉන්දීය චිත්රපට අධ්යක්ෂ මන්ජිත් දිවාකර්ගේ (Manjith Divakar) සිනමා පටයක සංගීත අධ්යක්ෂණයෙන් දායක වීමට නව පරපුරේ ජනප්රිය සංගීත ශිල්පි සනුක වික්රමසිංහට අවස්ථාව ලැබී තිබෙනවා.
චිත්රපටයේ නම “KAAMA” ලෙසයි Facabok සටහනක් තබමින් ඔහු පවසන්නේ.
ඉන්දියානු දමිළ චිත්රපටයක් වන එහි ගීත පද රචනය කර ඇත්තේ පොතුවිල් අස්මින් විසින්.
සනුක වික්රමසිංහට අමතරව සිබු සුකුමාරන් ද (SIBU SUKUMARAN) එහි සංගීත අධ්යක්ෂණය කරන බව සඳහන්.
මේ පිළිබඳව ජනප්රිය සංගීත ශිල්පි සනුක වික්රමසිංහ තැබූ Facabok සටහන පහතින්…
”ඉන්දියානු ජාතික චිත්රපට අධ්යක්ෂ “Manjith Divakar” ගේ “KAAMA” ඉන්දියානු දමිළ චිත්රපටයට,
චිත්රපට ගීත සංගීත අධ්යක්ෂණයෙන් දායක වීමට මා හට අවස්ථාව ලැබුණු බව සතුටින් සහ ඉතාම නිහතමානීව ඔබ සමඟ මෙලෙස බෙදාගනිමි.
මෙහි චිත්රපට ගීත පදරචනය, “පොතුවිල් අස්මින්”..
මගේ පවුලේ සැම, යහලු යෙහෙළියන්, රසික රසිකාවියන් ඇතුළු මට ශක්තියක් වන සියලුමදෙනාට මගේ හර්දයාංගම ස්තූතිය සහ ආදරය පුදකරමි…
සනුක වික්රමසිංහ ”