Latest News

ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදා ආහාර සලාක දීමනාවේ වෙනසක්

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් වෙත ඔවුන්ගේ ආහාර වෙනුවෙන් මෙතෙක් ලබා දුන් ආහාර සලාක ක්‍රමවේදය ලබන ජනවාරි සිට වෙනස් කිරීමට අදහස් කර තිබෙන බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව අනාවරණය කළා.

ඒ අනුව හමුදා සාමාජිකයන්ගේ ආහාර සලාක දීමනාව ලබන ජනවාරි මස සිට ඔවුන්ගේ මාසික වේතනයට එක් කිරීමටයි නියමිතව ඇත්තේ.

එමඟින් හමුදා සාමාජිකයින්ගේ මූල්‍ය ශක්තිය වඩාත් ස්ථාවර වන බවත්, ඒ ඔස්සේ මූල්‍ය විනිවිද භාවය සහ වගවීම වඩාත් තීව්‍ර වනු ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

World News