Latest News

බ්‍රික්ස් සමුළුවට ගියා නම් රුසියාවෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා – නාමල්

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ, ජනාධිපතිවරයා බ්‍රික්ස් සමුළුවට සහභාගී වී තිබුණේ නම් තෙල් සම්බන්ධයෙන් රුසියාවෙන් මීට වඩා හොඳ ප්‍රතිචාරයක් ලබාගැනීමට හැකිව තිබූ බවයි.
ඔහු මේ අදහස් පළ කළේ අද (28) බත්තරමුල්ලේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ, බ්‍රික්ස් සමුළුව මඟහැරීම හේතුවෙන් එම අවස්ථාවේදීම රුසියාව සමඟ බලශක්ති සම්බන්ධයෙන් සෘජු සාකච්ඡා කිරීමට නොහැකි වූ බවයි.
එමෙන්ම, හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඔහු, එවැනි සිදුවීම් ජාතික ආරක්ෂාවට බලපාන බවද පැවසීය.
අතිරේකව, හිටපු ජනාධිපති ගෝඪාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව පෙරළීමට කුමන්ත්‍රණයක් සිදු වී ඇති බවට ද ඔහු චෝදනා කළ අතර, එය සම්බන්ධයෙන් අනාගතයේදී විශේෂ ජනාධිපති කොමිසමක් මගින් විමර්ශනයක් සිදු කරන බවද ප්‍රකාශ කළේය

World News

Send your contact Details Today