පොලිස් නිලධාරීන්ට මාසයකට දින තුනක නිවාඩුවක් ලබා දෙන ලෙස පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
රත්නපුර ප්‍රදේශයේ පැවති පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
සෑම නිලධාරියකුම ආතතියකින් තොරව රාජකාරි කිරීම වැදගත් බවත්, ඒ සඳහා පහසුකම් සැලසීමක් ලෙස මෙම තීරණය ගෙන ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැව