2022 වසරේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ, ලියාපදිංචි නොකළ සමාගමකින් ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව සෞඛ්‍ය සැපයුම් මිලදී ගැනීම හේතුවෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.
ඒ අනුව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් සිය පෞද්ගලික මුදල් වලින් රුපියල් මිලියන 75ක් රජයට ගෙවිය යුතු බව නියෝග කර තිබේ.
එමෙන්ම, සෞඛ්‍ය අමාත්‍යාංශයේ එවක ලේකම් ජනක චන්ද්‍රගුප්ත විසින් රුපියල් මිලියන 50ක්ද, ජාතික ඖෂධ නියාමන අධිකාරිය හිටපු සභාපති මහාචාර්ය එස්.ඩී. ජයරත්න විසින් රුපියල් මිලියන 50ක්ද රජයට ගෙවිය යුතු බව තීන්දුවේ සඳහන් වේ.
තවද, එම අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර සහ වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය තුසිත සුදර්ශන විසින් තවත් රුපියල් මිලියන 50ක් වන්දි වශයෙන් ගෙවිය යුතු බවද නියෝග කර ඇත.
මෙම නඩුව Transparency International Sri Lanka ඇතුළු පාර්ශ්ව දෙකක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව, අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දී ඇත.