මධ්‍යම පෙරදිග පවතින යුද තත්ත්වය අවසන් කිරීම සඳහා යෝජනා කර ඇති සාම එකඟතාවයට ඉරානය එකඟ නොවන්නේ නම් එරටට දැඩි හමුදා ප්‍රහාර එල්ල කිරීමට සූදානම් බව ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇති බව ධවල මන්දිරය නිවේදනය කර තිබේ.
ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කර ඇත්තේ, වර්තමාන තත්ත්වය පිළිගෙන තමන් හමුදාමය වශයෙන් පරාජයට පත්ව ඇති බව ඉරානය අවබෝධ කර නොගන්නේ නම්, මීට පෙර නොවූ තරම් ප්‍රබල ප්‍රහාරයකට ඔවුන් මුහුණ දීමට සිදුවනු ඇති බව ජනාධිපති ට්‍රම්ප් පැහැදිලිව දැනුම් දී ඇති බවයි.
ඇය තවදුරටත් සඳහන් කර ඇත්තේ, ජනාධිපති ට්‍රම්ප් බිය වැද්දීම සඳහා හිස් තර්ජන නොකරන අතර අවශ්‍ය වුවහොත් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවයි.
එමෙන්ම ඇමරිකානු සාකච්ඡා කණ්ඩායම විසින් කරුණු 15කින් සමන්විත නව සාම සැලැස්මක් ඉරානය වෙත යොමු කර ඇති අතර, එම යෝජනාව පිළිගන්නා ලෙස ඇමරිකාව බලකර සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ වෙතත්, එම සාම යෝජනාව ඉරානය විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර, දෙරට අතර පැවැත්වෙන රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා සාර්ථක වේද යන්න පිළිබඳව සැක මතුව ඇති බවද වාර්තා වේ.