Latest News

එංගලන්ත පල්ලියේ ඉතිහාසය වෙනස් කරමින් ප්‍රථමවරට අගරදගුරු පදවියට ප්‍රථමවරට කාන්තාවක්

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එංගලන්ත පල්ලිය හි ඉතිහාසය වෙනස් කරමින් එහි කැන්ටබරි අගරදගුරු පදවියට ප්‍රථම වරට කාන්තාවක් පත් කර තිබේ.
සාරා මල්ලාලි මහත්මිය මෙම ධුරයට පත්ව ඇති අතර, ඇය කැන්ටබරි අගරදගුරුවරිය ලෙස කටයුතු කරමින් ලොව පුරා සිටින මිලියන 85කට අධික ඇන්ග්ලිකන් විශ්වාසිකයන්ගේ ආධ්‍යාත්මික නායිකාව ලෙසද කටයුතු කිරීමට නියමිතය.
ක්‍රිස්තු වර්ෂ 597 දී ශාන්ත ඔගස්ටින් විසින් එංගලන්ත පල්ලිය ස්ථාපිත කළ දා සිට මේ දක්වා අගරදගුරු පදවිය දරා ඇත්තේ පිරිමි පූජකවරුන් පමණක් වන අතර, සාරා මල්ලාලි මහත්මියට පෙර අගරදගුරුවරුන් 105 දෙනෙකු එම ධුරය දරා ඇත. කාන්තාවන්ට පූජක සේවයට ඇතුළත් වීමට අවසර ලබා දී ඇත්තේ 1994 වසරේ සිටය.
පූජකවරියක වීමට පෙර සාරා මල්ලාලි මහත්මිය වෘත්තියෙන් හෙදියක් වූ අතර, 1980 වසරේදී හෙද සේවය ආරම්භ කර තිබේ. 1999 වසරේදී ඇය එංගලන්තයේ ලාබාලතම ප්‍රධාන හෙද නිලධාරිණිය ලෙස පත් වූ අතර, 2002 වසරේදී පැවිදි දිවියට ඇතුළත් විය. 2018 වසරේදී ඇය ලන්ඩනයේ ප්‍රථම කාන්තා බිෂොප්වරිය ලෙසද පත්විය.
සාරා මල්ලාලි මහත්මිය පැවිදිවීමට පෙර හෙදියක් ලෙස සේවය කර තිබීම හේතුවෙන්, ඇයගේ දිවුරුම්දීමේ උත්සවයට එංගලන්තයේ හෙදියන් සහ රැකවරණ සේවිකාවන් විශාල පිරිසකට ආරාධනා කර ඇති බවද වාර්තා වේ.
එංගලන්ත පල්ලිය හි රාජකීය නායකයා වන්නේ චාල්ස් තෙවැනි රජතුමා වන අතර, එහි ආධ්‍යාත්මික නායකත්වය කැන්ටබරි අගරදගුරුවරිය විසින් දරනු ලබයි.

World News

Send your contact Details Today