හම්බන්තොට වරාය තුළ භාණ්ඩ නිෂ්කාශන කටයුතු ලබන මැයි මාසයේදී ආරම්භ කිරීමට නියමිත බව රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා අද (25) ප්‍රකාශ කළේය.
එමෙන්ම, නෞකාව වරායට පැමිණීමට පෙරම නිෂ්කාශන කටයුතු සිදුකර ගැනීමට හැකි Pre-Arrival Clearance ක්‍රමවේදයක් හඳුන්වා දීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.
එම ක්‍රමය ක්‍රියාත්මක වූ පසු නෞකාව වරායට පැමිණීමෙන් අනතුරුව දීර්ඝ පරීක්ෂණ ක්‍රියාවලියකින් තොරව භාණ්ඩ ඉක්මනින් නිකුත් කර ගැනීමට හැකි වන බවද ඔහු පැවසීය.
තවද, රේගු දෙපාර්තමේන්තුව කඩදාසි භාවිතය අවම කරමින් සියලු කටයුතු ඔන්ලයින් පද්ධතියක් මගින් සිදුකරන ආකාරයට පරිවර්තනය කිරීමට පියවර ගනිමින් සිටින බවද රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.