අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර තීරණාත්මක සාකච්ඡා වටයක් මෙම සති අන්තයේ පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරදී පැවැත්වීමට නියමිත බව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ අධ්‍යක්ෂ ජනරාල් රෆායෙල් ග්‍රොසි මහතා ප්‍රකාශ කර තිබේ.
විදේශීය මාධ්‍ය වාර්තා අනුව, මෙවර සාකච්ඡා පෙර පැවති වටවලට වඩා පුළුල් පරාසයක කරුණු ආවරණය කරනු ඇති බව සඳහන් වේ.
සාමාන්‍යයෙන් පරමාණුක වැඩසටහන් සම්බන්ධ කරුණු වලට පමණක් සීමා වූ මෙම සාකච්ඡා, මෙවර වෙනස් ආකාරයකින් පැවැත්වෙනු ඇති බවත්, ආරක්ෂක සහතික, මිසයිල පද්ධති සහ සන්නද්ධ කණ්ඩායම් සම්බන්ධ ගැටලු ද මෙහිදී සාකච්ඡා කරනු ඇති බවත් වාර්තා වෙයි.
මෙම සාකච්ඡා වටය කලාපයේ ආරක්ෂාව සහ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ තීරණාත්මක මංසන්ධියක් විය හැකි බවද විදෙස් විශ්ලේෂකයින් පෙන්වා දෙයි.