ඉරාන යුද්ධය අවසන් කිරීම සඳහා සාකච්ඡා සිදුවෙමින් පවතින බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ඔහු සඳහන් කරන්නේ, ඊශ්‍රායලය සහ ඉරානය අතර අඛණ්ඩව ප්‍රහාර හුවමාරු සිදුවෙමින් පවතින අතර, දකුණු ලෙබනන් ප්‍රදේශයේ පදිංචිකරුවන්ට ඉවත් වන ලෙස ඊශ්‍රායල හමුදාව අනතුරු අඟවා ඇති බවයි.
යුද්ධය අවසන් කිරීම සඳහා අමෙරිකාව විසින් ඉරානයට කරුණු 15ක සැලැස්මක් භාරදී ඇති බවද ට්‍රම්ප් පවසා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
එම සැලැස්මට ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට දැඩි සීමා පැනවීම සහ හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම වැනි කරුණු ඇතුළත් වන බව සඳහන් වේ.
කෙසේ වෙතත්, එවැනි නිල ලියවිල්ලක් මෙතෙක් ප්‍රසිද්ධ කර නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එමෙන්ම යුද්ධය ආරම්භ වූ දා සිට ගුවන් ප්‍රහාර හේතුවෙන් ඉරානය තුළ ස්ථාන 82,000කට අධික සංඛ්‍යාවක් හානි වී ඇති බව අමෙරිකාව සහ ඊශ්‍රායලය ප්‍රකාශ කර ඇති බවද වාර්තා වේ.