Latest News

2026 උසස් පෙළ විභාග අයදුම්පත් කැඳවීම ආරම්භයි

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com


2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම අද (24) සිට අප්‍රේල් 24 දින දක්වා මාර්ගගත ක්‍රමය මඟින් සිදු කරන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.
ඒ අනුව සියලු අයදුම්කරුවන් පහත නිල වෙබ් අඩවි වෙත පිවිස, ලබාදී ඇති උපදෙස් අනුව නිවැරදිව අයදුම්පත් ඉදිරිපත් කළ යුතුය.
www.doenets.lk⁠
www.onlineexams.gov.lk/eic⁠
අයදුම් කිරීමේ ක්‍රමය
රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සිසුන්
→ තම පාසලේ විදුහල්පති මඟින් අයදුම්පත් යොමු කළ යුතුය.
පෞද්ගලික අයදුම්කරුවන්
→ ජාතික හැඳුනුම්පත් අංකය භාවිත කරමින් තනිවම අයදුම් කළ යුතුය.
විදුහල්පතිවරු
→ ලබාදී ඇති පරිශීලක නාම හා මුරපද භාවිතා කළ යුතුය.
වැදගත් දැනුම්දීම
අයදුම්පත් යොමු කළ පසු මුද්‍රිත පිටපතක් ලබාගෙන සුරක්ෂිතව තබා ගන්න
අවසාන දිනය දිගු නොකරන බව දැනුම් දී ඇත
එබැවින් නියමිත කාලය තුළ අයදුම් කිරීම අත්‍යවශ්‍යයි
වැඩිදුර විමසීම් සඳහා
1911
0112785922 / 0112784537
0112786616 / 0112784208
Email: gcealexam@gmail.com
උසස් පෙළට මුහුණ දෙන සිසුන් සඳහා මෙය වැදගත් නිවේදනයක් බැවින් අනිවාර්යයෙන්ම නියමිත කාලය තුළ අයදුම් කරන්න.

World News

Send your contact Details Today