Latest News

Artemis II මෙහෙයුමට සූදානම් නාසා – වසර 50කට පසු සඳ වටා ඓතිහාසික ගමනක්

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වසර 50කට පමණ පසු නැවතත් සඳ වටා මිනිසුන් රැගෙන යන ඓතිහාසික අභ්‍යවකාශ මෙහෙයුමක් ආරම්භ කිරීමට NASA ආයතනය සූදානම් වෙමින් සිටිනවා.
ඒ අනුව, Artemis II නමින් හඳුන්වන මෙම මෙහෙයුම එළඹෙන අප්‍රේල් 1 වනදා දියත් කිරීමට සැලසුම් කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.
මෙම මෙහෙයුම යටතේ අභ්‍යවකාශගාමීන් සිව්දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක්, පෘථිවියේ සිට සැතපුම් ලක්ෂ 5කට වැඩි දුරක් ගමන් කරමින් සඳ වටා ගොස් නැවත පෘථිවියට පැමිණීමට නියමිතයි. මෙම ගමන දින 10ක කාලයක් පුරා පැවැත්වෙන අතර, නව විද්‍යාත්මක දත්ත සහ ඡායාරූප ලබා ගැනීමද මෙහි අරමුණක් ලෙස සඳහන් වේ.
මෙම මෙහෙයුමේ ප්‍රධාන අරමුණ වන්නේ ඉදිරියේදී සඳ මත මිනිසුන් ගොඩබැස්සවීම සඳහා අවශ්‍ය තාක්ෂණය සහ ආරක්ෂක ක්‍රම පරීක්ෂා කිරීමයි. එය මිනිසා වෙනත් ග්‍රහලෝකයක ජීවත්වීමට ඉගෙන ගන්නා වැදගත් පියවරක් ලෙස සැලකෙනවා.
අභ්‍යවකාශගාමීන් මෙවර ගමන් කිරීමට නියමිත වන්නේ නවීනතම Orion spacecraft යානයකින් වන අතර, එය කුඩා බස් රථයක ප්‍රමාණයට සමාන ඉඩකඩක් සහිත බව සඳහන්. එම නිසා දින 10ක කාලයක් සීමිත ඉඩකඩක් තුළ ගත කිරීම ඔවුන්ට අභියෝගයක් වනු ඇති බවයි වාර්තා වන්නේ.
මෙම ඓතිහාසික මෙහෙයුම සඳහා මෙතෙක් නිපදවා ඇති බලවත්ම රොකට් පද්ධතිය වන Space Launch System භාවිත කිරීමට නියමිත අතර, එය ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පිහිටි Kennedy Space Center අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් දියත් කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව නාසා ආයතනය පවසනවා.
නාසා බලධාරීන් පවසන්නේ, මෙම මෙහෙයුම පර්යේෂණාත්මක වුවද ඕනෑම අවදානමකට මුහුණ දීමට සූදානම් බවයි.

World News

Send your contact Details Today