යාපනය ප්‍රදේශයේ වායු දූෂණය අවම කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ඉල්ලා වෛද්‍ය උමාසුකී නඩරාජා විසින් ගොනු කර තිබූ පෙත්සම කැඳවූ අවස්ථාවේදී මෙම වාර්තාව ඉදිරිපත් කර තිබුණා.
මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු ඇතුළු විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
වාර්තාව පරීක්ෂා කළ විනිසුරු මඩුල්ල, එහි සඳහන් පියවර ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සහාය ලබා දෙන ලෙස පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබූ මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර අමාත්‍යවරයා ඇතුළු පාර්ශව වෙත නියෝග කළා.
මෙය ජාතික වැදගත්කමක් ඇති කාරණයක් ලෙස සලකා කටයුතු කරන ලෙස දැනුම් දුන් විනිසුරු මඩුල්ල, අදාළ වැඩපිළිවෙළේ ප්‍රගතිය ජූලි මස 14 වනදා අධිකරණයට වාර්තා කරන ලෙසත් නියෝග කළා.
නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මාර්ගයෙන් ඉදිරිපත් කළ පෙත්සමෙන් සඳහන් කර තිබුණේ, යාපනය ප්‍රදේශයේ කැලි කසල නිසි ලෙස ඉවත් නොකිරීම හේතුවෙන් ඒවා ගිනි තැබීම සිදුවන බවත්, එමගින් බරපතල වායු දූෂණයක් ඇතිවී ජනතාවගේ සෞඛ්‍යයට අවදානමක් පවතින බවයි.
ඒ අනුව, එම වායු දූෂණය අවම කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස යාපනය මහ නගර සභාව ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබුණා.