Latest News

චාමර සම්පත් දසනායකට එරෙහි දූෂණ නඩුව අප්‍රේල් 30ට

Published 1 hour ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කර තිබෙන නඩුව අප්‍රේල් මස 30 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (24) නියම කළා.
මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න ඉදිරියේ කැඳවනු ලැබූ අතර, ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා අප්‍රේල් 30 වනදා කැඳවීමට දින නියම කළා.
අදාළ චෝදනා අනුව, 2016 වසරේ ඌව පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ, පළාත් සභාව සඳහා නිකුත් කළ චෙක්පතක් සිය පුද්ගලික බැංකු ගිණුමකට තැන්පත් කර ගැනීම මගින් දූෂණය නමැති වරද සිදු කළ බවට චෝදනා කරමින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.
ඒ අනුව, නඩුවට අදාළ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අප්‍රේල් 30 දින කොළඹ මහාධිකරණය හමුවේ පැවැත්වීමට නියමිතයි.

World News

Send your contact Details Today