බස්නාහිර පළාත් උතුර දිසා අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ලින්ටන් ද සිල්වා මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව ඔහු පොලිස් වෛද්‍ය සේවා කොට්ඨාසය වෙත මාරුකර යවා ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
පාතාල ක්‍රියා මර්දනය සඳහා බස්නාහිර පළාත් උතුර දිසා අපරාධ කොට්ඨාසය විසින් පසුගිය කාලයේ විශේෂ මෙහෙයුම් රැසක් දියත් කර තිබූ අතර, මීට පෙර එම කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා ද වලාන දූෂණ මර්දන ඒකකය වෙත මාරුකර යවා තිබුණි.