Latest News

ඇ⁣මෙරිකා-යුරෝපා වෙළෙඳපොළ මත යැපීම ඇඟලුම් කර්මාන්තයට අවදානමක්

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මෙරට ඇඟලුම් කර්මාන්තය තවදුරටත් ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ එක්සත් රාජධානියේ වෙළෙඳපොළ මත අධික ලෙස යැපීම දැඩි අවදානමක් බව ඒකාබද්ධ ඇඟලුම් සංසදයේ සභාපති ෆීලික්ස් ඒ. ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 8ක ඇඟලුම් අපනයන ඉලක්කය කරා ළඟා වීමට නම් කර්මාන්තය නව මුහුණුවරකට පත් කළ යුතු බවයි. දැනට ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයන ආදායම ඩොලර් බිලියන 5ක් ඉක්මවා තිබුණද, ඉලක්කය සහ පවතින තත්ත්වය අතර තවමත් සැලකිය යුතු පරතරයක් පවතින බව ද ඔහු සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනවලින් සියයට 85කට ආසන්න ප්‍රමාණයක් ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ එක්සත් රාජධානිය වෙත යොමු වන අතර, එම වෙළෙඳපොළවල ඇතිවන ඉල්ලුම් පහළ යාම, නීති හා බදු ප්‍රතිපත්ති වෙනස් වීම වැනි කරුණු සම්පූර්ණ කර්මාන්තයටම බලපාන බව ද නිවේදනයේ දැක්වේ.
ඒ හේතුවෙන් ආසියානු කලාපය, මැදපෙරදිග, අප්‍රිකා සහ BRICS වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වීම සඳහා නව අපනයන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බව ද ඒකාබද්ධ ඇඟලුම් සංසදය අවධාරණය කරයි.

World News

Send your contact Details Today