Latest News

හෝමුස් සමුද්‍ර සන්ධිය අවදානම් මැද ඉන්දීය ගෑස් නෞකා දෙකක් ගමන් කරයි

Published 1 hour ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නාවික ගමනාගමනය සීමිතව පවතින අතර, එම පසුබිමක ඉන්දීය ධජය සහිත ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් ප්‍රවාහන නෞකා දෙකක් එම මුහුදු මාර්ගය හරහා ගමන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නෞකා නිරීක්ෂණ දත්තවලට අනුව “පයින් ගෑස්” නෞකාව මුලින්ම සමුද්‍ර සන්ධිය හරහා ගමන් කර ඇති අතර “ජැග් වසන්ත්” නෞකාව එයට පසුපසින් ගමන් කර ඇති බව සඳහන් වේ.
මෙම නෞකා ආරක්ෂක පියවරක් ලෙස තමන් ඉන්දීය නෞකාවක් සහ ඉන්දීය කාර්ය මණ්ඩලයක් සහිත බව සඳහන් කරන පණිවිඩ විකාශනය කරමින් යාත්‍රා කර ඇති බවද වාර්තා වෙයි.
යුද්ධයට සම්බන්ධ නොවන මධ්‍යස්ථ රටක නෞකා බව පෙන්වීම මෙහි අරමුණ බව විශ්ලේෂකයින් පෙන්වා දෙයි.
අමෙරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් පර්සියානු ගල්ෆ් කලාපයේ නෞකා රැසක් තවමත් සිරවී පවතින අතර, නාවිකයන් දහස් ගණනක් ආහාර සහ ආරක්ෂාව පිළිබඳ අවිනිශ්චිත තත්ත්වයක මුහුද මැද රැඳී සිටින බවද සඳහන් වේ.
ඉන්දියාවේ බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මෙම ගෑස් නෞකා ගමන් කිරීම අතිශය වැදගත් වන අතර, ඒ සඳහා ඉන්දීය නාවික හමුදාව ආරක්ෂාව ලබාදෙන බවද වාර්තා වේ.
මේ අතර සාමාන්‍ය වාණිජ නෞකා සඳහා හෝමුස් සමුද්‍ර සන්ධිය තවමත් ඉතා අවදානම් සහගත මුහුදු මාර්ගයක් ලෙස පවතින බව විදෙස් වාර්තා සඳහන් කරයි.

World News

Send your contact Details Today